ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තු..

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

ඊට අමතරව ඥානසාර හිමියන් විදේශ ගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබීය.

ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන් විය.