එල්නිනෝ තත්ත්වයේ බලපෑමෙන් දිස්ත්රික්ක 08 ක පුද්ගලයින් 161,000 ක් පීඩාවට පත්වෙයි
එල්නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්රික්ක 08 ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසනවා.
එම මධ්යස්ථානය විසින් අද (12) උදෑසන නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව, ප්රාදේශීය ලේකම් කොට්ඨාස 36 ක් එල්නිනෝ බලපෑමට ලක්ව තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙයින් පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමේ වැඩසටහන් ක්රියාත්මක කර ඇති බවත්, ඒ අනුව ප්රාදේශීය ලේකම් කොට්ඨාස 36හිම ජීවත්වන පවුල් 43,221කට අයත් පුද්ගලයින් 141,312 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් සඳහන්.
අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව හා රත්නපුර දිස්ක්රික්ක මෙලෙස පානීය ජල ගැටලුවට මුහුණ දී සිටින බවත්, ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්රික්කය වන බවත්, එහි පවුල් 13,139කට අයත් පුද්ගලයින් 42,429 ක් පීඩාවට පත්ව සිටින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.