මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි
මහර බන්ධනාගාරය තුල ඊයේ (01) සවස ආරම්භ වී රාත්‍රිය පුරාවට බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලදි. නමුත් ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදී දරණ ලද එම උත්සහයන් ව්‍යර්ත කරන ලදි. සියලු රැඳවියන් මේ වනවිට ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
එම සිදුවීම් අතරතුර ඔවුන් විසින් බන්ධනාගාරයේ දේපළ රැසකට දැඩි හානි සිදුකර ඇති අතර, පරිපාලන ගොඩනැගිලි හා අධිකරණ කටයුතු වලට අදාල ලිපිලේඛනවලට ද ගිනි තබා විනාශ කර ඇත.
අද (02) පෙරවරුව වන විට බන්ධනාගාර නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂක අංශවල සහාය ඇතිව බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත්වී තිබේ.
සිද්ධියේ ස්වභාවය හා එයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති අතර, ඇතැම් සිදුවීම් සැලකිල්ලට ගනිමින් මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සැලසුම් කළ ක්‍රියාමාර්ගයක්ද යන්න පිළිබඳව ද විමර්ශන අංශවල අවධානය යොමුවී ඇත.
කෙසේවෙතත් රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකය.