ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

අද (27) පැවති කැබිනට් රැස්වීමේදී මීට අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යවන සීමාව, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජය යොජනා කර ඇති බව සඳහන් වේ. මීට අමතරව දිසා විනිසුරුවන්ගේ හා මහේස්ත්‍රාත් අධිකරණ වල විනිසුරුවන්ගේද විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තාවේ.