ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අසත්‍ය තොරතුරු වාර්තා කල සේපාල් අමරසිංහට ප්‍රවීණ රංගධර බුද්ධදාස විතානාරච්චිගෙන් කදිම පිළිතුරක්!

පසුගිය මැයි දිනයේදි ප්‍රවීණ රංගධර බුද්ධදාස විතානාරච්චි මහතා මාලිමාවේ මැයි රැලියක ජවිපෙ ප්‍රධාන ලේකම් රැස්වීම අමතන අවස්තාවේ වේදිකාවේ සිටි බව සදහන් කරමින් ඔහුට අපහාස වන අයුරින් සිය යූටියුබ් නාළිකාවේ වැඩසහනක් කළ සේපාල් අමරසිංහට හට මුහුණු පොතේ සටහනක් තබමින් ඊට පිලිතුරුදී තිබේ.

බුද්ධදාස විතානාරච්චි මහතා මේ දිනවල ලංකාවේ නොමැති අතර ඔහු පසුගිය කාලය පුරාම ඕස්ට්‍රේලියවේ වාසය කරයි. එවැනි පසුබිමක මෙම ද්වේශසහගත මාධ්‍ය භාවිතය විතානාරච්චි මහතා විසින් දැඩි පිළිකුලෙන් හෙලාදැක තිබේ.

බුද්ධදාස විතානාරච්චි මහතා සිය මුහුණු පොතේ තැබූ සටහන පහත දැක්වේ….

හිතවත් සේපාල් අමරසිංහ මිත්‍රයා ,

මේ පහත තිබෙන ඔබේ වීඩියෝව මට ඕස්ට්රේලියාවේ වසන හිතවතකු එවා තිබුනා .

එහි කියැවෙන පරිදි මම පසුගිය 2026 මැයි දිනය හා විරුසමරු රැළියකදී ටිල්වින් සිල්වා සහෘදයා කළ කතාවක් වේදිකා වේ ඔහුට පිටුපසින් සිට සවන් දුන් බවක් හැඟවෙන ප්‍රකාශයක් සඳහන් වෙනවා . මම එම කාල යේ ලංකාවේ හිටියෙ නැහැ . මම එම කාලය ගත කළේ ඕස්ටරේලිය වෙ .

එය සාවද්‍ය ප්‍රකාශයක් බව ඔබටම වැට හෙනව .

මම මේ සම්බන්ධ යෙන් ඔබට පුද්ගලිකව දැනුවත් නොකර සමාජ මාධ්‍යකින් දැනුවත් කරන්න අදහස් ක ළේ , මෙම වීඩි යෝව මේවන විට සමාජ ගතව ඇති නිසයි . සමාජයද මෙහි සත්‍යය හා යථාතත්වය දැනුවත් විය යුතු නිසා .

ඔබ මා අපි දැන හැඳින වසර 35 කටත් වැඩියි . 1995 සිට 2010 දක්වා කාලය තුල මම ජාතික රූපවාහිනි යේ ශනිදා හා ඉරිදා “ආයුබෝවන්” සජීවි සති අන්ත වැඩ සටහන ඉදිරිපත් කරන කාලයේ , වැඩ සටහන විකාශය අවසන් වුන සැනින් මැදිරියටම ඔබ දුරකථනය මගින් වැඩ සටහන ගැන ඔබ් අදහස් දැක්වීමක් කිරීම සිරිතක්ව තිබුනා . අපි එකි නෙකා හමු නොවීම අප් හිතවත්කම ඇතිවුනා . ඔබේ විචාර මම අගය කළා .

ඉන්පසුව , ඔබේ සංස්කාරකත්ව යෙන් පවත්වා ගෙන ගිය ” ඇල් කෙමිස්ට් ” නමැති වාර සඟරාවට ඔබේ ඇරැයුම පරිදි මම ලිපි සම්පාදනය කළා .

එමෙන්මප , ඔබේ ඇරැයුම පරිදි ඔබ විසින් මෙ හෙයවන යූ ටියුබ් පිලිසඳරවල් කිහිපයකට ද මම සහභාගි වුනා . මෙම කටයුතු නිසා ඔබත් මමත් අතර අන්‍යයෝන්‍ය අවබෝධයක් හා හිතමිත්‍ර කමක් ඇතිවුනා . එමනිසා මගෙ ජීවිත දැක්ම, සමාජ සංස්කෘතික හා දේශපාලනික මතවාද සම්බන්ධ යෙන් නිරවුල් පැහැදිලි වැටහීමක් ඔබට ඇතිවුනා . එමනිසා , මගෙ පෞද්ගලික ජීවිතය, සමාජ සංස්කෘතික දේශපාලන භාවිතය ගැනත් ඔබට නිරවුල් දැනුමක් තිබුන බව මම විස්වාස කළේ මීට ඉහතදී මා සම්බන්ධ යෙන් ඔබේ වැඩ සටහන් තුලින් මා සම්බන්ධව පලකළ අදහස් වලින් .

එමෙන්ම , ඔබ හොඳින්ම දන්නවා පසුගිය වසර 60 ක කාලය තුල , රටේ දේශපාලනයට සම්බන්ධ රටේ සියලුම අගමැතිවරු ජනපතිවරු මැති ඇමැතිවරු මා පුද්ගලිකව දැන හැඳින හිටපු බව . එ මෙන්ම ප්‍රධාන රාජ්‍ය නිළධාරීන් පවා . ඒවා ගෙම කිසිම දේශපාලන පක්ෂයක මා සාමාජිකතිවය ලබා ගෙන නැතිබව . රටේ පොදුවේ ජනතාව නොදැන හිටපු මෙම කාරනා, මගේ පව්ලේ සාමාජිකයන් හා සමීපව මාව ඇසුරුකළහිතමිතුරන් පමණක් දැන හිටපු දේවල්.

1995 “චන්ද්‍රිකා ආණ්ඩුව” කාලයේ ඔබ මගෙ “ආයු බෝවන්” වැඩ සටහන්වලදී ,මම ආණුඩු වේ කටයුතු ,ජනාධිපති කාර්යාල යේ පමණක් නොව ජනාධිපතිනිය ගෙ පාලන කටයුතු පවා ප්‍රශ්ණ කරන්නට පසුබට වුනේ නැති බව . මම එදත් පොදු ජනතාව ගේ ප්‍රශ්ණ සඳහා රාජ්‍ය මාධ්‍යය චකිතයකින් තොරව භාවිත කළා .

එ මෙන්ම , 1982 ජනපතිවරණ යේදී , හයෙන් පහක බලයක් තිබූ, ජූනියස් රිචඩ් ගෙ ආණුඩුව යටතේ රජයේ සෙවයේ

යෙදෙමින් ඔහුට එරෙහිව රෝහන විජේවීර වෙනු වෙන් ජනපතිවරණ යේදී පෙනී හිටියා . මේ හැම දේම ඔබ හොඳින් දන්න දේවල්. මම ජනතා විමුක්ති පෙරමුණට හිතවත්ව ක්‍රියාකළේ මුළු මහත් ඉතිහාසය පුරාම , විවිධ සමාජ ආර්ථික සංස්කෘතික පීඩාවන්ට ලක් වූ වන් ගැන මා තුල තිබූ සහකම්පන නිසා බව ඔබ දන්නවා . මා පීඩාවට පත් නො වූ සමහර සමාජමය පීඩාවන්ට විරුද්ධව මම මාධ්‍ය තුල පෙනී හිටියා .

.පසුගිය කාලය තුල තිබූ ආණ්ඩු වලින් හෝ පාලකයන් ගෙන කිසිදු පුද්ගලික වාසියක් වරදාන වරප්‍රසාද, වන .ඉඩකඩම් , ව්‍යපාර , ටෙන්ඩර් , යාන වාහන මා ලබා නොගත් බව සේපාල් හොඳින්ම දන්නවා . එම නිසා ඔය කිසිම දේශපාලන බලධාරියකුට මා ගැති නොවූ බව අද බල යේ නැති සියලුම දේශපාලන බලධාරීන්ටත් රහසක් නො වේ . නමුත් සමාජ යේ පුද්ගලයන් හිතන් නෙ ” එක එකාට කඩේ ගියා,” වැනි අවලාද්මක අපහාසයන් ගෙන් .

සේපාල් මිත්‍රයා ,ඔබ දන්නවා මම රජයටවත් , බැංකුවකටවත් , පුද්ගලයකුටවත් මූල්‍යමය වශ යෙන් ණය නැතිබව . ඒවා ගෙම මගේ වෘත්ති යෙන් ලද ආදායමට නිසි පරිදි ආදායම් බදු පියවා ඇති බව .

ඒ වගෙම, මම නීති විරෝධී, සදාචාර විරෝධී කිසිවක් නොකළ රට වැසියකු බව ,ඒ අදාල අංශ හොඳින් දන්නා බව .

මම විදෙස් ගතවීම “රට හැරයාමක් “ලෙස සමහරු.කියනව . මම උපන් බි මෙන් බැහැරවීමක් මිස රට හැර යාමක් නම් ,පසුගිය මැතිවරණවලට මැදිහත් වී මේ උවමනාවක් මට තිබිය නොහැකියි .

ඔබ මම අපි දෙන්නාම සබරගමු වේ , ඔබ රත්නපුර ,මම කෑගල්ල යන දිසාවල . ගතවූ සියවස් පහ තුල අපි හා අප ගේ මුතුන් මිත්තන් අවසන් රාජධානිය ආරක්ෂා කරගැනීමට කොතරම් ජීවිත පරිත්‍යාගෙයන් විදේශික ආක්‍රමණිකයන්ට එ රෙහිව කටයුතු කළා ද ,

වසර ද දෙතුන් දහසක් රාජාණ්ඩුවල ප්‍රවේනි දාසයන් ලෙස හිටපු , ඉන්පසු සියවස් පහක් යුරෝපීය ආක්‍රමණිකයන්ට යටත් විජිත වාසීන් වශෙයන්ද, ඉන්පසු ඒ විජිතවාදී ගැති පුද්ගලයන් ගෙන් සමන්විත ඊනියා නිදහස පාලනය යට තේ පීඩාවට පත් ජනයාට යහපත් ජීවිතයක් ලබාදීම සඳහා , පොදු ජන පාලනයක් බිහිකළ යුතුය කියන අරමුන පෙරදැරි කර ගෙන තමයි, මම

විදෙස් රටක සිට අතින් වියදම් දරා ගෙන විත් කටයුතු ක ළේ .

සමහරු දේශපාලනය කරන් නේ බලය ලැබුනාට පසු එයින් පුද්ගලික ප්‍රතිලාබ බලා ගෙන .

නමුත් , මැතිවරණ වලින් පසුව , මට යම් වගකීම් පවරන්න ආරාධනා තිබියදීත් ඒවා ප්‍රතික්ෂෙප කල බව අදාල බලධාරීන් දන්නවා .

ඉතින් ,මා මිත්‍ර සේපාල් ,එහෙම ප්‍රතිපත්ති ගරුකව වැඩ කරන මම , කිසිම බලධාරයකුට හෝ නිළධාරීන් යටහත් පහත්ව එකත් පසව නොඉන්න පුද්ගල යෙක් බව ඔබ දන්නවා .

මම දන්නවා, මෙම වීඩි යොවෙන් මට අපහාසයක්.කිරී මේ අරමුණක් නැතිව ඔ බෙ වෙනත් දේශපාලන අරමුණකට මගෙ නම යොදා ගැනීම කොතරම් සුදුසු දෙයක්ද ?

එ මෙන්ම මේ ගැන කතා කරන්නට ගොස් අද ජීවතුන් අතර නැති අපි කව්රුත ගරු කරන ගාමිනී ෆොන් සේකා මහතා ගේ “පෞද්ගලික ජීවිතය නිසා ජීවිත යේ අවසන් කාල යේ සමාජමය පිරිහීමකට ලක්වුනා ,මම මගෙ දේශපාලන කටයුතු නිසා මගෙ ජීවිතයේ අවසන් දශකවල සමාජ සංස්කෘතික පිරිහීමකට ලක්වුනා කියා ඔබ සඳහන් කර තිබෙනව .

ඔබ ඓලස උපකල්පනය කිරීම ගැන මගෙ අමනාපයක් නැහැ . නමුත් බො හෝ දෙ නෙකුට අවබෝධයක් නැති මා සම්බන්ධ යෙන් වීඩි යෝවක් මගින් මෙම අදහස් සමාජ ගත කළ නිසා එයට ප්‍රතිවාරයක් ලෙස මගෙ අදහස් සමාජය හමු වේ තිබ්බෙ.

ජීවිතෙය් අට වෙනි දසකයට පාතබන්නට ඉන්න මට මෙවැනි දේවල් වලින් කම්පනයක් හෝ සසල වීමක් නැති බව ඔබ දන්නවා .

ඔබ පිලිගන්න දේශපාලයක් ඔබ කරගන්න .මම අවබෝධ කරගත් දේශපාලනය මම කර ගෙන යන්නම් .

ඔබට යහපතක්ම වේවා !

හිතාදර බුද්ධි,

ඕස් ට්‍රේලියාවේ,

වික් ටෝරියා හි ක්‍රැන්බර්න් සිට.

2026. මැයි 06 වෙනිදා.

————————————————————————————————————————————————————————————————————හිතවත් සේපාල් අමරසිංහ මිත්‍රයා , https://www.facebook.com/buddhi.vithanarachchi/posts/pfbid0KNnBmZnJ9TnTdHAW9HCtjf6BkyFLYu3uhC5nQTiqumQg9mEu37FhWa8C2zXtYVC9l?cft[0]=AZaD3Y66Xk8XuDuK6z9AxkgUJqq08mlM2ECHW4nYfqPp7WUH6AnrLcOiYtdUyZq4eP7S6Km6Zk6EC-t4sKuObsP1_M29sShnXFm6QCBv6ad1-l41RzXEdAF_8h_yyDooSsH9GLSEPR25rxAqVrumUdvLRcHJVGyybW8Cgni99qOtKrLgC-utKg6Ml8UeQ-xs1WE&tn=%2CO%2CP-R