ColomboXnews

News | Gossip | Political | Entertainment

Uncategorized

RMV ලොක්කා CID අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) රාත්‍රීෙය්දී අත්අඩංගුවට  ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් කමල් අමරසිංහ මහතාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.