ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුවට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුව ලෙසින් සැලකෙන හයිෆා හි බසාන් සමූහයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම ප්‍රහාරයෙන් තෙල් පිරිපහදුවට හානි සිදුවී ඇති අතර, එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවත්, විදුලිය විසන්ධි වූ බොහෝ නිවාසවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා පවසා තිබේ.

උතුරු ඊශ්‍රායලයේ හයිෆා බොක්කෙහි පිහිටා ඇති බසාන් සමූහය ඊශ්‍රායලයේ විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානය වේ.

දත්ත වාර්තාවන්ට අනුව ඊශ්‍රායලයේ පිරිපහදු මධ්‍යස්ථාන දෙකෙන් එකක් වන බසාන්, එරට ඩීසල්වලින් 60%ක් සහ පෙට්‍රල්වලින් 50%ක් නිපදවනු ලබයි.

මෙම තෙල් පිරිපහදුවට දිනකට තෙල් බැරල් 197,000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.

ඉරානය හා ඊශ්‍රායලය අතර පසුගිය වසරේ ජුනි මාසයේදී ඇතිවූ ‘දින 12’ යුද්ධයේදී ද මෙම පිරිපහදුවට ප්‍රහාර එල්ල වූ අතර, ඒ හේතුවෙන් එහි කටයුතු තාවකාලිකව වසාදැමීට ඊශ්‍රායලයට සිදුවිය.