ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

බොරතෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම කලාපයේ තෙල් සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.

නවතම වෙළෙඳපොළ දත්තයන්ට අනුව, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමෙරිකානු ඩොලර් 103.01 ක් ලෙස සටහන් වේ. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් 98.71 ක් ලෙස දැක්වේ.

ආර්ථික බලපෑම පසුගිය දින කිහිපය පුරාම ඉරානය සහ අමෙරිකාව අතර හටගත් යුදමය තත්ත්වයත් සමඟ තෙල් මිල ගණන් මෙලෙස ඉහළ යාම ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.