හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉන්දීය නෞකා කිහිපයකට ඉරානයෙන් සුවිශේෂී සහනයක්
ලෝකයේ අතිශය වැදගත් උපායමාර්ගික මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කිරීම සඳහා ඉන්දීය නෞකා කිහිපයකට සීමිත ආරක්ෂිත අවසරයක් (Safe passage) ලබා දීමට ඉරානය පියවර ගෙන ඇත. නවදිල්ලියේ පැවති ‘India Today’ සමුළුවට සහභාගී වෙමින් ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි (Mohammad Fathali) මහතා මේ බව අනාවරණය කළ බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දීය නෞකා සඳහා මෙම විශේෂ අවසරය හිමිව ඇති බව තානාපතිවරයා තහවුරු කළද, මෙලෙස ගමන් කිරීමට අවසර ලබා දුන් නෞකා සංඛ්‍යාව කොපමණද යන්න ඔහු නිශ්චිතව සඳහන් කර නැත. කලාපීය ආරක්ෂක තත්ත්වයන් මත මෙම තොරතුරු සීමා කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දැඩි ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ඉරානය විසින් මෙම මුහුදු මාර්ගයේ නාවික ගමනාගමනය බොහෝ දුරට අත්හිටුවා ඇත. එවැනි පසුබිමක ඉන්දීය නෞකාවලට පමණක් මෙම අවස්ථාව හිමිවීම ජාත්‍යන්තර දේශපාලන හා වෙළඳ සබඳතා අතින් සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකේ.