ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කියුබානු තානාපති අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ කියුබානු නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) මහත්මිය අතර හමුවක් අද (03) පෙරවරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකාව හා කියුබාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම ගැන හා කියුබානු කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා විය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබානු තානාපතිනිය විසින් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම දෙරටේ සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

මෙහිදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා කියුබානු තානාපතිතුමියට ශ්‍රී ලංකාවේ දූත මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් පිරිනැමීය.