ඩග්ලස් දේවානන්දා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර
නිල වශයෙන් තමන් වෙත නිකුත් කර තිබූ පිස්තෝලයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධව ඊයේ (26) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් CIDයට අවසර දෙයි.
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළවය.
එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, අදාළ ගිනිඅවිය දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවය.