ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආපදාවට ලක් වූවන්ට දෙන රුපියල් 25,000ක දීමනාව 82.8% කට ලබා දී අවසන්

දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ ආපදාවලින් මරණ 639 ක් සිදු වී ඇති අතර, අතුරුදන් වූවන් 180 ක් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පවසයි.

එසේම තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 424 ක, පුද්ගලයින් 38,432 ක් සිටින බවත්, ඔවුන් ස්ථිර නිවාස සඳහා යොමු කරන තෙක් ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සපයමින්, ඔවුන් රැකබලා ගන්නා බව අතිරේක ලේකම්වරයා පවසා  ඇත.

නිවාස පිරිසිදු කිරීම සඳහා ලබාදෙන රුපියල් 25,000 දීමනාව මේ වන විට 372,447 කට ගෙවා අවසන් කර ඇති බවද, ඒ අනුව, සමස්ත ආපදාවට ලක් වූ අයගෙන් 82.8% කට එම දීමනාව ලබාදී අවසන් බවද ඔහු සඳහන් කළේය.

මුළුතැන්ගෙයි උපකරණ සහ අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ සඳහා ගෙවනු ලබන රුපියල් 50,000 ක දීමනාව සඳහා පවුල් 147,628 ක් සුදුසුකම් ලබා ඇති අතර, එයින් පවුල් 3665 කට ‍එම ගෙවීම් සිදු කර ඇති බවයි ඔහු තවදුරටත් පවසා සිටියේය.

මෙම වර්ෂය අවසාන වීමට ප්‍රථම සියළුම ගෙවීම් සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක වැඩිදුරටත් සඳහන් කර සිටියේය.