ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිටපු නියෝජ්‍ය කථානායක අල්ලස් කොමිසමට. තවත් හිටපු රජයේ නිලධාරියෙක් අත්අඩංගුවට!

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ අද පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

එම කැඳවීමට අනුව ඔහු එහි පැමිණ ඇති අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු එලෙස පැමිණ ඇති බව සඳහන්.

මේ අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අත්අඩංගුවට ගෙන තිබේ.