ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරයි!

අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංග මහතාගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සදහා පත්කරන ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

2012 වසරේ සිට 2024 දක්වා මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කල විනිසුරු ගිහාන් හිමන්ෂු කුලතුංග සැප්තැම්බර් 6 වැනිදා අභියාචානාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරනු ලැබීය.

මීට පෙර හිටපු අගවිනිසුරුවරිය විසින් ආර්. ගුරුසිංහ මහතාගේ නම යෝජනා කර එවා තිබුණු අතර මෙම නව යෝජනාවත් සමඟ දැනට ශ්‍රේෂ්ඨාධීකරණයේ පවතින පුරප්පාඩු දෙක සදහා නම් දෙකක් මේ අනුව යෝජනා වී තිබේ.

කෙසේ වෙතත් ගිහාන් හිමන්ෂු කුලතුංග මහතා ජේෂ්ඨත්වය අනුව අභියාචනාධිකරණය තුල මේ වනවිට අටවෙන ස්ථානයේ පසුවන අතර ඔහුට ඉහලින් ජේෂ්ඨත්වය අනුව විනිසුරුවන් හත්දෙනෙක් සිටින බවද වාර්තාවේ. ඒ අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොෂාන්ත අබේසුරිය හැරුණු විට යු.බී. කරද්ලියද්ද, ආර්. ගුරුසිංහ, ධම්මික ගනේපොල, මායාදුන්නේ කොරෙයා, පී. කුමාරරත්නම්, සසී මහේන්ද්‍රන්, එස්.සී.බී.එස් මොරායස් යන අභියාචනාධිකරණ විනිසුරුවන් සිටී.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට 2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා  රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට  බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කරමින් නඩු තීන්දුව ලබාදෙනු ලැබුවේ එවකට කොළඹ මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කල ගිහාන් කුලතුංග මහතා විසිනි.