ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා අලුත්ගම පොලීසියට අනුයුක්ත කර ඇති නිලධාරියෙකු බව සඳහන් වේ.

ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් තැනැත්තා එම කාන්තාවගේ බෑණා වන බවද පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව ඉෂාරා සෙව්වන්දිට මාස එකහමාරක කාලයක් නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයෙකුද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම ශාන් නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව පොලීසිය සඳහන් කළේය.