යුරෝපා සංගමයටත් ට්‍රම්ප්ගෙන් 30%ක තීරුබද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30%ක තීරුබදු පනවා තිබේ.
අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව තීරුබදු පැනවීම සිදුකර ඇත.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා නව තීරුබදු නිවේදනය කර තිබේ.
ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සමග සති ගණනාවක් පුරා පැවැති සාකච්ඡා හරහා පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වීමත් සමග අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙලෙස බදු පැනවීම් සිදු කිරීමට පියවර ගෙන ඇත.