ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

නැවතත් ඉරානයට ගහනවා. – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බවයි.

ඉරානයට යුරේනියම් සැලකිය යුතු මට්ටමකට සුපෝෂණය කළ හැකි බවට බුද්ධි අංශ නිගමනය කළහොත් තමන් කිසිදු සැකයකින් තොර ඉරානයට නැවත පහර දෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

මේ අතර යුද්ධයෙන් විනාශ වූ ඉරානයේ ඊනියා උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ඊශ්‍රායලය සමග ඇති මෙම යුද්ධය ජයග්‍රහණය කළ බව පැවසීම මෝඩකමක් බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

තවද කමේනි රැකවරණය ලබන ස්ථානය තමන් නිවැරදිව දැන සිටි නමුත් ඔහුව ඝාතනය කිරීමට තමන් ඉඩ නොදුන් බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.