ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන් කිරිමට අදාල විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂ අමාතයංශය පොලිස්පතිට නියෝග කරයි..!
ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන් කිරිමට අදාල විමර්ශන ඇතුළු නඩු හතකට අදාල කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂ අමාතයංශය පොලිස්පතිට නියෝග කර තිබේ.
2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය.
මොවුන්ගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවට තමන්ට දැනගන්නට ලැබුණු බවය.
පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවිණ.
ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන්වීම සම්බන්ධ නඩුවේ සාක්ෂි දීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට යාපනය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.