ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සජිත් එක්ක සිටි ‘අප්පච්චි මලෝ’ රනිල්ට සහය දැක්වීමට තීරණය කරයි

සමගි ජන බලවේගයේ නියෝජනය කල හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු හිටපු කැබිනට් අමාත්‍යවරයකු ලෙස මෙන්ම ඌව මහ ඇමතිවරයා ලෙසද කලක් කටයුතු කරනු ලැබීය.

විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රීක්කයට තරගවැඳි අතර ඔහු මනාප 35879 ලබාගෙන සජබ මනාප ලැයිස්තුවේ 6වන ස්ථානයට පත්විය.

ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී ලයිස්තුවේ යම් පුරප්පාඩුවක් සිදුවුවහොත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව ඇත්තේ ද ඔහුය.

අද (10) දහවල් විජයමුණි සොයිසා විසින් බිබිල විජයමුණි සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රිඩාංගනයේ දී දැවන්ත ජනරැලියක් සංවිධානය කර තිබුණි.

එහි රැස්ව සිටි ඔහුගේ පාක්ෂිකයන්ගේ ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී කිනම් ජනාධිපති අපේක්ෂකයාට සහාය දැක්විය යුතුද යනුවෙන් විමසා සිටියේය.

එහිදී රැස්ව සිටි බහුතරයක් පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනා කිරීම හේතුවෙන් බහුතර පාක්ෂික මතයට හිස නමා තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.