ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව නිවේදනය කළේය.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බව ඊයේ (06) පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ (06) දිනයේ එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින්.

පෞද්ගලික හේතුවක් මත තමා අපේක්ෂකයකු ලෙස පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් නොවන බවයි එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත්වන බවට පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇතිවුණා.

සාගර කාරියවසම් වෙත ධම්මික පෙරේරා විසින් යොමුකළ ලිපිය පහතින් දැක්වෙනවා.