ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignNewsSlider

හමාස් නායකයාව ඝාතනය කළ ආකාරය හෙළිවෙයි

හමාස් නායක ඉස්මයිල් හනියේ ව අද (31) උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී එල්ලකළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ පාන්දර 2ට පමණ ඔහු නවාතැන් ගෙන සිටි නිවස ට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි.

එම ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මරුමුවට පත්වුණි.

ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ගේ පදවි ප්‍රාප්තියට ඊයේ (30) හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනි ව හමුවී තිබුණි.

ඉරාන ජනාධිපතිවරයා පවසා ඇත්තේ හනියේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය ට කනගාටු වීමට තමා ඉඩ සලස්වන බවයි.

ඉරානයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ ආත්ම අභිමානය ආරක්ෂා කිරීම ට තමා කැපවී සිටින බව ඔහු පැවසීය.