ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිරුණිකාගේ ඇප ඉල්ලීම සලකා බැලීම 4 වැනිදා! 

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව දැනගන්නට තිබේ.

තමන්ට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.

අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතය.