ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අද මම ජනාධිපති ලෙස ඉන්නේ රට ආර්ථික හා දේශපාලන වශයෙන් බංකොලොත් වූ නිසයි – රනිල් ඇත්තම කතාව කියයි

ලෝකයේ තනි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිධුරයට පත් වූ එකම අවස්ථාව වාර්තා වන්නේ ලංකාවෙන් බවත් ඊට හේතුව මේ රට ආර්ථික හා දේශපාලනික වශයෙන් බංකොලොත් වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ඇතැම් අය මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් බව කියන නමුත් තමා එය ප්‍රතික්ෂේප කරන බවත් මේ රට ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද බංකොලොත් යැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ සිටි තනි මන්ත්‍රීවරයෙක් ලෙස තමා ජනාධිපතිධුරයට පත්වන්නේ එම දේශපාලන බංකොලොත්භාවය නිසා යැයි ජනාධිපතිවරයා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වූ තරුණ නියෝජිතයන් පිරිසක් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි ජුනි 11 වැනි දා පැවැත්වුණු හමුවකදී ය.

මේ වන විට පක්ෂ ක්‍රමය අවසන් වී ඇති බවත් සියලු පක්ෂ කවලම් වූ දේශපාලන අච්චාරුවක් නිර්මාණය වී ඇති බව ද ඔහු පවසා සිටියා.