මාධ්‍ය සාකච්ඡාවේදී හර්ෂට මලපැන්නේ ඇයි..? හර්ෂ – රනිල් ඩීල් එක ජවිපෙ නලින්ද ලිපි ලේඛණ සහිතව ඔප්පු කරයි..! ලැජ්ජාවක් තියෙනවානම් දැන් හර්ෂ කියන්නේ කුමක්ද? මෙන්න අහන්න!
සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සහ ජනාධිපතිවරයා අතර දේශපාලන ගනුදෙනුවක් සිදුව ඇති බව හිටපු ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීය. ජනාධිපතිවරයාගෙන් ඍජුවම කරන ලද ඉල්ලීම් හේතුවෙන් හර්ෂ ද සිල්වා මහතාට විමධ්‍යගත අරමුදල් හිමිය ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා හැරුණම තවත් මන්ත්‍රීවරු හත් දෙනෙකුට පමණ මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ විසින් ලබාදී තිබේ. සමගි ජන බලවේගයේ තෝරාගත් මන්ත්‍රීවරු පිරිසක් වෙත මේ ආකාරයට මුදල් ලබාදීම හරහා එම පක්ෂය තුල බරපතල අභ්‍යන්තර අර්බුදයක් මේ වනවිට මත්ව තිබේ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) නියෝජනය කරන මන්ත්‍රීවරුන්වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, කාවින්ද ජයවර්ධන සහ J. C. අලවතුවල, ගයන්ත කරුණාතිලක, කිංස් නෙල්සන්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව රජයේ විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 50 බැගින් මෙසේ ලබාදී තිබේ.
මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍ර ලේඛය ඇතුළත් විධිවිධානයන්ට අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළයුතු බවද ජනාධිපති ලේකම් වරයා විසින් අදාළ මන්ත්‍රීවරයන් දැනුවත් කර ඇති බව වාර්තා වෙනවා.
පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ මේ පිලිබදව එම මුදල් ලබාගත් මන්ත්‍රීවරු පක්ෂය දැනුවත් කර නොමැති බවත් මෙසේ මුදල් ලබාගැනීම පිලිබදව පරීක්ෂණයක් පවත්වන බවයි. එමෙන්ම අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කලේ මෙය පක්ෂය දෙකඩ කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන කුමන්ත්‍රණයක් බවයි. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් ද හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙසේ මුදල් ලබාගැනීම දැඩිව විවේචනය කර තිබුණි.