චීනයට පරණ හමුදා මුලස්ථාන ඉඩම දෙනකොට ගාලු මුවදොරිිින් ඉන්දියාවට දුන්න ඉඩමේ ඉදිකල රත්නදීප හෝටල් සංකීර්ණය සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද විවෘත කරයි.
ගාලුමුවදොර පිටිය අසල අක්කර 20ක් චීනයට ලබාදෙන විට ඉන්දියාවට ලබාදුන් ඉඩමේ ඩොලර් මිලියන 300ක ඉන්දියානු ආයෝජනයක් යටතේ ඉදිකෙරුනු ගාලු මුවදොර රත්නදීප හෝටල් සංකීර්ණය සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද දින (25) විවෘත කිරීමට නියමිතයි.
මෙම සුවිසල් ඉදිකිරීම ඉන්දියානු ITC සමාගම වෙනත් රටකදී සිදුකළ විශාලතම ආයෝජනය ලෙස වාර්තා වේ.
ගාලු මුවදොරට අලංකාරය වැඩිකරමින් අක්කර 5.86ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ තට්ටු 48කින් සමන්විත මීටර් 224ක් උසැති උසම ගොඩනැගිල්ල සැප් හයි රෙසිඩන්ස් ලෙස නම් කර ඇති අතර අධි සුඛෝපබෝගී කාමර 352කින් සමන්විත හෝටල් සංකීර්ණය පිහිටා ඇත්තේ ඊට යාබදව මීටර 140 ක උසින් යුත් අනෙකුත් ගොඩනැගිල්ලේය.
මෙම ඉදිකිරීමේ යොදාගන ඇති ගෘහනිර්මාණ ශිල්පයේ විශ්මය වන්නේ ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් අහස් පාලමකින් සම්බන්ධ කර තිබීමයි, එය මේ වනවිට පවතින දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාළම වන අතර එහි අති සුඛෝපභෝගී පිතිනුම් තටාකයක් ද ඉදිකර තිබේ.