CIDයට කට්ටි පනිමින් සිටින සමගි ජනබලවේගයේ දමිතා අබේරත්නගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ජනප්‍රිය රංගන ශිල්පිනී සහ සමගි ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කර තිබෙනවා.
ඒ, විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
දමිතා අබේරත්න සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට නියම කෙරුණා.
තව කියවන්න –