එංගලන්ත, දකුණු අප්රිකානු ආදී කණ්ඩායම් පසු කරමින් ශ්රී ලංකාව ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ඉදිරියට
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.
තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ දෙවෙන ඉනිම ලකුණු 318කට සීමා විය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළේය.
බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තේය.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබීය.
ශ්රී ලංකාව ICC ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව පළමු ස්ථානය ඉන්දියාවටත්, දෙවන ස්ථානය ඕස්ට්රේලියාවටත්, තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමටත් හිමි වුණා.