ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මාලිමාවේ නියත ජයග්‍රහණය හමුවේ දූෂිතයින් සලිත වෙයි..! ජනාධිපතිවරණයකට බියෙන් බැසිල් – සජිත් එක්ව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අත්සන් 113ක් සෙවීමේ මෙහෙයුම අරඹයි

මේ වනවිට රටේ බහුතර ජනතාව ජාතික ජනබලවේගය වටා ඒකරාශීවීම හේතුවෙන් දැඩි තැතිගැන්මට ලක්වී සිටින සජබ සහ පොහොටුවේ නායකයින් ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ බහුතරකගේ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් මේ වනවිට ආරම්භකර ඇතැයි වාර්තා වේ.  ආණ්ඩුව නියෝජනය කරන බැසිල් රාජපක්ෂගේ පාර්ශවය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය මෙම ව්‍යාපාරය දියත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මේවනවිට ජනාධිපතිවරයා සමග ගනුදෙනු කිරීම හේතුවෙන් සහ යම් පිරිසක් පොහොට්ටුවෙන් ඉවත්ව කටයුතු කිරීම හේතුවෙන් මන්ත්‍රීවරු 113කගේ බහුතරය ලබාගැනීම සදහා සජබ නායක සජිත් පේමදාසගේ සහාය ලබාගැනීමට බැසිල් රාජපක්ෂට සිදුවී තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇත්තේ තමන්ට එජාපය ලෙස තනි පක්ෂයක් ලෙස මහ මැතිවරණයකට යෑම අවාසි සහගත නිසා එජාපය, පොහොට්ටුව හා අනෙකුත් මාලිමාවට එරෙහි පක්ෂ එකතුකරගනිමින් යම් සංධානයක් ගොඩනගා එහි අපේක්ෂකයා ලෙස තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමයි.
පාර්ලිමේන්තුව විසිරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට එල්ල කරන ලද පීඩනය යළි බැසිල් රාජපක්ෂ වෙත හැරවීමෙන් පසුව මෙම නව ක්‍රියාමාර්ග දියත් කර ඇති බව අනාවරණය වේ. පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රබලයින්ට ජනපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබුණේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවකට මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ අත්සන් ලබා ගෙන පැමිණෙන ලෙස ය. බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡා බිඳ වැටීමේ පසුබිම තුළ සජිත් ප්‍රේමදාස සමග එක්වී අත්සන් 113 ලබා ගැනීමේ ක්‍රියාමාර්ගය දියත් කර ඇත. මේ වෙනුවෙන් ඍජුවම බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වී සජිත් ප්‍රේමදාස සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමට මූලික සාකච්ඡා ආරම්භ කර ඇතැයි හෙළිවේ.
ජනාධිපතිවරණයකට මුහුණදීම මේ මොහොතේ ඉතා අවදානම් බවත් එසේ වුවහොත් අනුර දිසානායකගේ ජයග්‍රහණය ස්ථිර බව සියලු බුද්ධි අංශ වාර්තා මගින් දැනුම්දී ඇති තත්ත්වයක් තුල පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දීමෙන් තමන්ගේ පරාජය යම් ප්‍රමාණයකට අවමකරගනිමින් දෙපාර්ශවයටම යම් වාසියක් ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී ඇතැයි ඉහත ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ ගැන තවම තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුව ලබන නොවැම්බර් 18 වැනිදා වනවිට වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන අතර ඊට පෙර සැප්තැම්බර් 17ත් ඹක්තොම්බර් 17 අතර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නමුත් ඔවුන් ඍජුවම පෙනී සිටින්නේ එම ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව ඉහත මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ ප්‍රකාශකයෙකු අප සමග පැවසුවේ මෙතෙක් රට පාලනය කල මෙම දුෂිත පාලකයින් මේ වනවිට දැඩි ආතතියකට පත්වී ඇති බවත් වෙන කිසිම දවසක නොතිබුනු ආකාරයෙන් කුමන හෝ මැතිවරණයකට ඉදිරිපත්වීට ඔවුන් බියවී ඇති බවයි. පසුගිය වසරේ අනීතික ලෙස පලාත් පාලන මැතිවරණය කල්දමන ලද්දේ ද මාලිමාවේ ජයග්‍රහණය දැක බවත් මේ මොහොතේද ඔවුන් මහමැතිවරණද, ජනාධිපතිවරණය පවත්නේ යන්න පිලිබදවද ඔවුන් එවැනිම දෙගිඩියාවකට පත්ව ඇති බවයි.