ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බාල ඖෂධ බාලයි කියලා හොයාගන්න කොට 90% රෝගීන්ට දීලාලු

හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කළ ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු බව සොයාගන්නා විටත් එම ඖෂධවලින් 98%ක්ම රෝගීන්ට ලබාදී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විගණන වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කළේ ඇතැම් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමටත් පෙර තාක්ෂණික ඇගයීම් වාර්තා නිකුත් කර ඇති බවයි.

මේ අතර කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ හැකි ඉක්මනින් භාවිතයට ගන්නා ලෙස දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියක් නිකුත් කර ඇති බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ