ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලංසාගේ සංධානයේ යුගීස්වර බණ්ඩාරගේ කඩුවෙල සංවිධායක ‘අයිස්‘ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය කරට අරන් වැඩ කරන නිමල් ලංසාගේ නව සංධානය සමග කටයුතු කරනක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් යුගීෂ්වර බණ්ඩාර සමග කඩුවෙල ආසනයේ දේශපාලන කටයුතු කරනු ලබන චමින්ද නානායක්කාර නැමැති නව ජනතා පෙරමුණේ කඩුවෙල ප්‍රධාන සංවිධායක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රෙද්ශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

මීගොඩ පොලිසිය පවසන්නේ අයිස් මිලි ගෑම් 220 ක් ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකව පැවති බවයි.

42 හැවිරිදි පුද්ගලයෙකු වන මෙම චමින්ද නානායක්කාර නැමැත්තා මීට පෙර පොදුජන පෙරමුණ සමඟ දේශපාලන කටයුතු කල පුද්ගලයෙකු වන අතර මේ වනවිට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දේශපාලන කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් යුගීෂ්වර බණ්ඩාරගේ කඩුවෙල ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරයි.

මීට අමතරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ යුක්තියේ මෙහෙයුමට පක්ෂව කටයුතු කල අයෙකු වන අතර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්වීම පිලිබදව සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහුට සුභපැතුම්ද එක්කර තිබුණි.

පසුගියදා ජවිපෙ මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සදහාද මොහු සෘජුවම නායකත්වය දී තිබේ.

ආගමට දහමට ලැදි පුද්ගලයෙකු පෙනී සිටීමින් කඩුවෙල වැලිපිල්ලෑව ප්‍රෙද්ශයේ විහාරස්ථාන සමග කටයුතු කරමින් ආගමික ශාසනික සේවාවක් ඉටුකරන අයෙකු ලෙස සමාජයතුල තහවුරු වීමට මොහු උත්සාහ කරවයි. ඒ සදහා මුදල් උපයා ගනුලබන්නේ මත්ද්‍රව්‍ය වෙලදාමෙන් බව මේ වනවිට තොරතුරු හෙලිදරව් වෙමින් පවතී.