ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරාට එරෙහිව නඩු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පවරයි

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දායක හා අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා ඇතුළු තිදෙනකුට එරෙහිව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල මණ්ඩලය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (20 වැනිදා) නඩු පවරන ලදී.

රුපියල් එක්ලක්ෂ අසූ අට දහස් පන්සිය අනූ නවයක (1,88,599) දායක හා අධිභාර මුදල් ගෙවීම පැහැර හරින ලදැයි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය එලෙස නඩු පවරා තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නාවල, විජයබා මාවත, අංක 176/1 ඒ ලිපිනයේ පදිංචි ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා ජානකී පෙ​රේරා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර, අංක 284 ලිපිනයේ පදිංචි දොන් උපාලි ජයසිංහ සහ ඔවුන්ගේ ආයතනයක් වන කොළඹ 9, බේස්ලයින් පාර, අංක 717 ලිපිනයේ පිහිටි ඩී. පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් කම්පැණි (ප්‍රයිවට්) ලිමිටඩ් නම් කර තිබුණි.

මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ කැඳවීමට නියමිතය.