Breaking : ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි..! – වගන්ති කීපයක්ම විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය… එක් වගන්තියකට ජනමත විචාරණයකුත් ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ තීන්දුව අද (20) කතානායකවරයා වෙත ලබා දී තිබෙනවා.
එම තීන්දුව පහත පරිදි වෙනවා,
- 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.
*එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනය සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
*4 වන වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, සුදුසු පරිදි සංශෝධනය විය යුතුය.
*61 (1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම්, එම අනුනුකූලතාවය ඉවත්ව යනු ඇත. ඊට අනුරූපව 72 (2) වගන්තිය ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධනය කළ යුතුය.
- 75 (3) වගන්තිය ආණ්ඩු ව්‍යවස්ථාවේ 3 වන අවස්ථාව සමග කිව යුතු 4 (ඈ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, තුනෙන් දෙකක බහුතරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.
*83 (7) වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.
*තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පමණක් පනත් කෙටුම්පත නීතියක් බවට පත්කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
කෙටුම්පත් ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක්ද එක් වගන්තියක් සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය බව අදාළ තීන්දුවේ දැක්වෙන බවයි වාර්තා වන්නේ.