ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දේශපාලන ඉත්තෙක් වෙලා අපට අවලාද නඟන්න එපා: අනුර මිහින්තලේ හිමිගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී

විවිධ දේශපාලන අරමුණුවල ඉත්තෙකු වී තම පක්ෂයට අවලාද නොනගන ලෙස මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටී.

තම ඉන්දීය සංචාරයෙන් පසු රටේ දේශපාලන පක්ෂ කලබලයට පත්ව සිටීම අරුමයක් නැතත් ඊට රටේ සංඝයා වහන්සේලා යොදා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එය බුදු දහමටත් නිගරුවක් බව ඔහු අවධාරණය කරයි.

තම ඉන්දීය සංචාරයේදී කෝටි 300ක මුදලක් ලබා ගත්තේ යැයි කියන පුවත මිහින්තලේ හිමියන් ප්‍රකාශ කිරීම කිසිසේතම සත්‍යයක් නොවන බව කී ජාජබ නායකයා බුදු දහමට නිගරුවන ලෙස දේශපාලන පක්ෂ විසින් හිමිවරුන් යොදා ගැනීම නතර කරන ලෙස ඒ ඒ පක්ෂවලින් ඉල්ලා සිටින බව ඔහු පවසයි.

මව්බිම පුවත් පතේ අනුරාධා හෙරත් සමග කල සම්මුඛ සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.