ටිකට්පත් අවසන් වීමෙන් දඹුල්ලේ උණුසුම් තත්වයක්..! ක්‍රීඩා ලෝලීන් ගේට්ටු කඩාගෙන ක්‍රීඩාංගනයට ඇතුළට පනී..!
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ජනතාව පැමිණීමත් සමඟ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේ, තරගාවලියේ අවසන් තරග දෙක සඳහා ප්‍රවේශපත්‍ර විකිණී අවසන් වී ඇති අතර ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙසයි.
කෙසේවෙතත්, අද දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට ටිකට් පත් ලබාගැනීම සඳහා පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
එම පිරිස ආරක්ෂාව සඳහා පොලිසිය යොදවා තිබියදීත් බාධක කඩා ප්‍රවේශපත්‍ර කවුළු වෙත යැමට උත්සාහ කර තිබේ .
දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වේ.