ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඉබ්බාගමුව ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ ගසක් යට මත් වී වැටී සිටි 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට

ඉබ්බාගමුව ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යාලයේ ගසක් යට වැටී සිටියදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ වන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කරයි.‍

මෙම සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන් වන අතර මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කර ඇති බවට පොලිසිය සැකපළ කරයි.

කිසියම් පෙති වර්ගයක් ගස යට වැටී තිබී අහුලාගෙන පානය කළ බවට සිසුන් පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියකු මේ සිසුන්ට දුන්නේද යන්න පිළිබඳ සොයා බලන බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි.