ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

මුදල් විශුද්ධිකරනය යටතේ බොරැල්ලේ රනිල්ගේ තරුණ නායකයා, තරිදු මධුසංක අත්අඩංගුවට… රුපියල් ලක්ෂ දහසක් වටිනා දේපළ නීති විරෝධී ලෙස උපයාගෙන… එජාපයේ පැටිකිරිය දිගහැරෙන ඡායාරුප/වීඩියෝ සියල්ල මෙන්න..

නීති විරෝධී අන්දමින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් දේපළ භාවිත කිරීම හා මුදල් විශුද්ධිකරනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රභල එක්සත් ජාතික පක්ෂයේ තරුණ බළකායේ සභාපති හා නැගෙනහිර කුප්පියාවත්ත ආසන සංවිධායක තරිදු මධුසංක සමග ඔහුගේ මව සහ නැන්දනිය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

තරිදු මධුසංක පසුගිය එජාප තරුණ බළකායේදී එහි සභාපතිධුරයට තේරී පත් වු අතර පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගර සභාවට නාමයෝජනා බාරදෙන ලදි. සාගල රත්නායක සහ රුවන් විජේවර්ධන යන එජාප නායකයින් මෙම තරුන බළකාය ගොඩනැගීමට එක්විය.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට චෝදනා එල්ල වූ දෙමටගොඩ රුවන්ගේ පුතා වන තරිදු මධුසංඛ ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත ප්‍රදේශයේදීය.

එසේම දෙමටගොඩ රුවන්ගේ බිරිඳ වන ශානිකා ලක්මිණි හා රුවන්ගේ වැඩිමහල් සහෝදරිය වන සමන්ති නිර්මලා යන කාන්තාවන් දෙදෙනා දෙමටගොඩ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ රුවන් විසින් නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් ලක්ෂ දහසක් වටිනා දේපළ මොවුන් තිදෙනාගේ නම් වලින් මිලදී ගෙන ඇතැයි අනාවරණයවීමත් සමගය.

දෙමටගොඩ රුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කරමින් නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට පොලිස්පතිවරයාට 2021දී ලද පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකරන ලද විමර්ශනයකදී රුපියල් කෝටි 30ක පමණ වාහන, ස්වර්ණාභරණ හා ඉඩම් නීති විරෝධී වත්කම් කොට්ඨාසය බාරයට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ කරන ලද විමර්ශනයකින් පසුවද ඒ බව තහවුරු වී ඇත.

සාගල රත්නායක සහ රැවන් විජේවර්ධන සමඟ
එක්සත් ජාතික පක්ෂයේ තරුණ බළකායේ සභාපති ලෙස පත් වු මොහොත…