ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නිදහස් දින පෙරහුරුවේ පැරෂුට් පුහුණුව අතරතුර සෙබළුන් 4ක් බිමට ඇඳ වැටෙයි

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබේ.

පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් බව වාර්තා වේ.

අනතුර සිදුවන අයුරු ජංගම දුරකථනයක පටිගත වී තිබුණේ මෙලෙසිනි.