ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSliderSports

වසර 27කට පසු ඔස්ට්‍රේලියාව පරදවා ඔස්ට්‍රේලියාවේ දි ටෙස්ට් ජයක් ලබති!

මේ ලියන මා දැන් පනස් විය පිරූ වියපත් මිනිසෙකි.  අපට අපේ ළමා කාලයේ ක්‍රිකට් ආශ්චර්යයක් සේ දුටු මහා දැවැන්තයන් හමුවන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරය.  ජාතිය වෙනුවෙන් උපන් හැඟිම, අත් නොහරින තරගකාරී බව, ක්‍රීඩාව වින්දනය කරමින් එහි ගැඹුරු ආශ්චර්යයන් මතු කිරීම අප අත් දුටුවේ කොදෙව් ක්‍රීඩකයින්ගේ බව සිහිකළ යුතුය.

ඒ මහා කොදෙව් ආශ්චර්යය  දිය කර හැරියේ ඇඟේ හයිය පමණක් සහිත, හැඟීමක් ගැඹුරක් නැති පරම්පරාව අතට ක්‍රිකට් පත් විමෙන් අනතුරුව එහ හුදෙක් විස්සයි 20 ගසා මුදල් අපයන මාර්ගයක් පමණක් බවට පත්වීම නිසා බව පෙනුනි.  ගැඹුරු අධ්‍යාත්මකයක් නැතිව රටක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකිය. විශේෂයෙන්ම සාපේක්ෂව මුදල් උපදවන්නේ නැති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කරගන්නට නොහැකිය.

මේ වනවිට පැවැත්වෙමින්  තිබුණ බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ඔස්ට්‍රේලියාව පහසු ජයකින් කෙළවර කරනු ඇතැයි සියල්ලෝ සිතූහ. එහෙත් පළමු ටෙස්ට් තරගයේ දී බටහිර ඉන්දීය ජව සම්පන්න යෞවනයන් දැක්වූ ක්‍රිකට් පෙළහර ඔස්ට්‍රේලියාව තිගැස්වූ බව විශ්වාසය. එහෙත්  එම තරගය ඔස්ට්‍රේලියාව දිනුවේය.

කෙසේ වෙතත් දෙවන ටෙස්ට් තරගය නිමා වන්නේ    අධුනික ක්‍රීඩකයින් 07 දෙනෙකුගෙන් සමන්විත වුව ද අප දුටු අතීක කොදෙව්වන්ගේ විචිත්‍ර මතක  ක්‍රීඩා පිටියට කැඳවූ කොදෙව් යෞවනයන්ගෙනි. වසර 27කට පසු ඔවුහු ඔස්ට්‍රේලියාව පරදවා ටෙස්ට් ජයග්‍රහණයක් අද වාර්තා කළහ. මේ කෙටි වීඩියෝ දර්ශනය  සංක්ෂිප්තය බලන්න…

මෙය ක්‍රිකට් රසිකයෙකු විසින් විඳිය යුතුම තරගයක් බව විශ්වාස කරමි.  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය තරග දෙකකින් සමන්විත විය. මුල් තරගයේ ජයග්‍රහණය ඔස්ට්‍රේලියානුවෝ අත් කරගත්හ.

අද අවසන්වන දෙවැනි තරගය පැවැත්වුයේ බිස්බෙන් හි බ්‍රිස්බෙන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීය. පසුගිය ඉරිදා (25) ආරම්භ වූ තරගයේ  කාසියේ වාසිය දිනුවේ කොදෙව් ක්‍රීඩකයින්ය. කොදෙව්වෝ  මුලින්ම පන්දුවට පහරදීමට තීන්දු කළහ.

පළමු ඉනිම වෙනුවෙන් ඔවුහු ලකුණු 311ක් රැස් කළහ. කඩුළු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා ලකුණු 79ක්, කවීන් හොග් ලකුණු 71ක්, කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 50ක් වාර්තා කළහ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූයේ මිෂෙල් ස්ටාක්ර්ය. ඔහු ලකුණු 82කට කඩුළු 04ක් ලැබුවේය. ජොස් හසල්වුඩ්, නේදන් ලියොන්, කඩුළු 02 බැගින් ලදහ. පැට් කුමින්ස් කඩුල්ලක් ලැබුවේය.

හිතනවාට වඩා බටහිර ඉන්දීය කොදෙව් පන්දු ආක්‍රමණය ප්‍රබල වූයේය. ස්ටීවන් ස්මිත්, මානස් ලබුචාග්න්, කැමරන් ග්‍රීන්, ට්‍රෙිවිස් හාර්ඩ් මිචෙල් ස්ටාර්ක් දැවී යන්නේ ලකුණු 10ට අඩුවෙනි. ට්‍රෙවිස් හාර්ඩ් තමන් මුහණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යන්නේය.

උස්මන් කවාජා ලකුණු 75ක්, කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි ලකුණ 65ක් සහ පැට් කුමින්ස් නොදැවී ලකුණු 64ක් ලබන්නේය. පළමු ඉනිම ඔස්ට්‍රේලියානුවන් නිමා කරන්නේ කඩුළු 09කට ලකුණු 289ක් ලබා ලකුණු 22ක් පිටුපසින් හිඳිමිනි.

දෙවැනි ඉනිමේ දී බටහිර ඉන්දීය කොදෙව්වො ලකුණු 193කට සීමා විය. වැඩිම ලකුණු ලාභියා වූයේ කිර්ක් මැකෙන්සිය. ඔහු ලකුණු 41කි. ඇලික් ඇතනස් ලකුණු 35ක්, ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 33ක්,  කවීම් හොග් ලකුණු 29ක්, ලැබූහ. ජොස් හසල්වුඩ් සහ නේතන් ලයන් කඩුළු 3 බැගින් බිඳ දැමූහ. මිචෙල් ස්ටාක් සහ කැමරන් ග්‍රීන් කඩුල්ල බැගින් ලැබූහ.

දැන් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු වන්නේ ලකුණු 216කි.  අප කවුරුත් බලා සිටියේ කොදෙව් කොල්ලන්ට ක්‍රිකට් වලින් අටුවම් බැස ඇති ලෝකයේ අංක 01 කණ්ඩායම වඩාගෙන ගහනකම්ය.

මැකී ගිය අතීත කොදෙව් ක්‍රිකට් රිද්මය යළි මතුවන්නේ පරාජයේ අඳුරු සෙවනැල්ල කොදෙව් කණ්ඩායම මත පතිත වූ මෙහොතේය. ක්‍රිකට් ලෝකයේ මහා පතාකයන් ලෙස නම් වී සිටින උස්මන් කවාජා, මානස් ලබුස්චන්ග්, ට්‍රෙවිස් හෙඩ්, මිෂෙල් මාර්ෂ්, ඇලෙක්ස් කෙරී,  නායක පැට් කුමින්ස්, ඇතුළු නේදන් ලයන්, ජොස් හසෙල්වුඩ්, දැවී ගියේ ලකුණු 10ට අඩුවෙනි.

මේ තරගය ට්‍රෙවිස් හෙඩ් ගේ ක්‍රිකට් ජීවිතය තීන්දු කරන්නක් වූ බව ලියා තැබිය යුතුය. පළමු ඉනිමේ පළමු පන්දුවේ දී කොදෙව් කඩුළු රකින ක්‍රීඩක ජෝෂු ද සිල්වා වෙත උඩපන්දුවක් දී දැවී ගිය ට්‍රෙවිස් හෙඩ් දෙවැනි ඉනිමේ  පළමු පන්දුවේදීම ෂාමර් ජෝෂප් ගේ පන්දුවක් කඩුල්ලේ දැවටී දැවී ගියේය. ඔහු තරගයේ දී ඉනිම දෙකේදීම ක්‍රීඩා කළේ පන්දු 02කි.

ජයග්‍රාහී 216ක පහසු පෙනෙන ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියානුවෝ ලකුණු 207කට දැවී ගියහ.  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත් වූ ආනන්දයක් දනවන ලද එ් තරගය කොදෙව්වන් ජයග්‍රහණය කරන ලද්දේ තියුණු ලකුණු 08කිනි.

තරගයේ මහා ආශ්චර්මත් පන්දු යවන්නා ශාමර් ජේෂප්ය. ඔහු පන්දු ඕවර 11.්‍5ක් තුළ ලකුණු 68කට කඩුළු 07ක් දවා ගත්තේය. අල්සාරි ජෝෂප් ලකුණු 62කට කඩුළු 2ක් සහ ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 46ට කඩුල්ලක් ලැබූහ.

ෂාමර් ජෝෂප්…

කොදෙව් පිල

තරුණ ජවයෙන් සහ අභිමානයෙන් මෙන්ම ආත්ම විශ්වාසයෙන් යුතු කණ්ඩායමක් ලෙස ඔවුහු ක්‍රිකට්  ලෝකයට අලුත් කතාවක් කීහ.  කණ්ඩායමෙන් ක්‍රීඩකයින් හත් දෙනෙක්ම ටෙස්ට් තරග 10 සීමාව නොඉක්මවූ ආධුනිකයින්ය.

ටගනාරින් චන්ද්‍රපෝල් ගේ තරග අත්දැකීම තරග 10කි. ක්‍රිග් මැකෙන්සි තරග 03කි. ඇලික් ඇතනස් තරග 04කි.

කෙවම් හෝග්, කෙවින් සින්ක්ලෙයාර්, ජස්ටින් ග්‍රේව්ස් සහ ෂාමර් ජෝෂප් මේ තරගාවලියටම කැඳවූ ක්‍රීඩකයින්ය. ෂාමර් ජෝෂප් ක්‍රිකට් ආශ්චර්යයකි. ඔහු සිය පළමු තරගාවලියේම තරාගවලි ජයග්‍රාහකයා ය. මෙම තරගරයේ වීරයාය. ගායානාවේ ඈත් දුෂ්කර ගමක දරකපන්නෙකුගේ පුතෙක් වූ කුලී කම්කරු තරණයෙක් සිය පළමු කැඳවීමේ දී රට මහා ඉහළට ඔසවා තැබූ අප්‍රමාණ විරයෙක් වූයේය. ඔහුගේ අනාගතය ඔහුගේ සිතිවිලි සහ අරමුණු මත තිරණය වනු ඇත. ඔහු මුදලට පාවී දයවී යන තවත් එක් උල්කාපාතයක් ද, නොඑසේනම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආශ්චර්යය යළි පිහිටුවා පෝෂණය කරන බරසාර මිනිසෙක් ද යන්න පිළිබඳ තවම අනාවැකි කිව හැකි නොවේ.