ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlidervariety

අලුතින් ජංගම දුරකථනයක් ගැනීම සිහිනයක් වන ලකුණු! ජංගම දුරකථන මිල ඉහළ යන ප්‍රතිශතය මෙන්න!

හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමිති සෙනරත් මහතා පැවසුවේ හෙට සිට ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවය.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

මෙම මිල ඉහළ යාමේ තත්ත්වයත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හෙට සිට රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 135,000ක පමණ මිලකට අලෙවි වනු ඇත.