ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා අභිරහස් ලෙස අතුරුදහන්

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමිපාල ටී රත්නායක මහතා අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කතරගම පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ මහතාගේ දියණියන් දෙදෙනකු හා මුණුපුරෙකු මෙසේ පොලිසියට පැමිණිලි කර ඇත.

කතරගම පොලීසිය සඳහන් කරන්නේ පවුලේ සමීපතයන් වන අඹුසැමි යුවළක් මෙම අතුරුදහන් වීමට සැක බවට එම පැමිණිල්ලේ සඳහන් බවයි.

පසුගිය 08වැනි දා සිට මෙම අතුරුදහන්වීම සිදුව ඇතැයි ද සඳහන් ය.

කෙසේ වෙතත් අංගොඩ ලොක්කා විසින් කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක බර රන් තැටියක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ප‍්‍රධාන කපු මහතාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්‍ෂණ පවත්වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ද නියෝග ලැබී ඇත.