ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගිය මාසෙ බාල වයස්කාර ගැහැනු ළමයින් 10ක් ගැබ් අරන්… මාස 11ට බාල වයස්කාර මව්වරු 2000ක් වාර්තා වෙලා… බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක්.!

ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණ වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා මේ බව පැවසීය.

මේ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ බාල වයස්කාර ගැහැණු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බවය.

පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තා වලට අනුව බාලවයස්කාර ගැහැණු දරුවන් 10 දෙනෙකු ගැබ් ගැනීමට ලක්ව ඇත..

වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තාවන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා වැඩිදුරටත් අනාවරණ කර සිටී.

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් දරුවන් බේරාගැනීම සඳහා ඔවුන්ට ලිංගික අපයෝජනයන් සහ ඒවා වළක්වාගැනීම පිළිබඳව මනා දැනුමක් ලබාදීමද සිදුකළ යුතු බව එම මහතා පෙන්වාදෙයි.