පෙට්රල් හා ඩීසල් සඳහා බදු පනවයි
පෙට්රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු මේ බව පැවසූවේ, අද (10) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
ඒ අනුව රාජ්ය අමාත්යවරයා කියා සිටියේ , බොරතෙල් වශයෙන් ගෙන එන ඉන්ධනවලට මෙම බද්ද අය නොකරන බවයි.
රජයට මෙය සැඟවීමට කිසිඳු අවශ්යතාවක් නොමැති බව ද රංජිත් සියඹලාපිටිය අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.