ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජඩ, කැත, ජරා, කුජීත, අපත, චාටර්, චොර මාධ්‍ය නාලිකාව කියා ‘අද දෙරණ‘ හදුන්වා දුන්නැයි හෂලක තුෂාරගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි!

‘අද දෙරණ” හිමිකාරීත්වය දරන පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ පැමිණිල්ලක් අනුව SLVlog Pod Talks වැඩසටහනට එරෙහිව අද (08) කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

YouTube අවකාශය තුළ පවත්වන SLVlog Pod Talks නමැති වැඩසටහනේදී හසලක තුෂාර සංජීවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබුණා.

ආගමික අපහාසයක් සිදු කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය හට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් SLVlog Pod Talks නමැති වැඩසටහනේදී හසලක තුෂාර සංජීව මහතා දෙරණ නාලිකාව දැඩිව විවේචනය කර තිබෙනවා.