මධ්‍යම පරිසර අධිකාරියේ කෝටියක අල්ලස් සිද්ධියේ රනිල්ගේ ගෝලයා සහ බැසිල්ගෙ ගෝලයා අද (13) යළිත් අධිකරණයට
දැවි තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට රුපියල් මිලියන 10ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස පත්කල සුපුන් පතිරගේ සහ පොහොට්ටුටේ ප්රබලයෙකු සහ බැසිල් රාජපක්ෂගේ ගෝලයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අනුරුද්ධ පොල්ගම්පළ අද (නොවැ. 13) නැවත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබිණි.
නැව් දැවි තෙල් ඉවත් කිරීමට අදාළ වාර්ෂික පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා එම අධිකාරිය වෙත ගිය අවස්ථාවේදී සැකකාර සභාපතිවරයා එම බලපත්‍රය දීම සඳහා අදාළ ව්‍යාපාරිකයාගෙන් මිලියන 7ක් ඉල්ලා ඇති බව ද එය ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් ඔහු තවත් මිලියන තුනක් ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැන්වීය. මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ද අධිකරණයේදී අනාවරණය කෙරිණි.
තව කියවන්න –