ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගෙන් Sydney Thunder ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලාංකීය භෝජන සංග්‍රහයක්
WBBL හෙවත් Weber Womens Big Bash League තරඟාවලිය, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වේදිකාවක් පමණක් නොවන අතර ඒ ඔස්සේ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සිය සංස්කෘතිය සෙසු පිරිස සමග බෙදාගැනීමටද අවස්ථාව සලසයි.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන Weber Women’s Big Bash League තරඟාවලිය සඳහා Sydney Thunder කණ්ඩායමට පිතිකාරිනියක වශයෙන් ශ්‍රී ලංකික ක්‍රීඩිකා චමරි අතපත්තු ක්‍රීඩා කරයි.
චමරි අතපත්තු මෙම තරඟාවලිය අතරතුර, Sydney Thunder කණ්ඩායමේ සිය සහෝදර ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකේය ආහාර සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කළාය.
මෙමෙ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Lauren Bell සඳහන් කොට සිටියේ ශ්‍රී ලාංකික අහාර ප්‍රනීත වන අතර, තමන් චීස් රොටී වලට වැඩි කැමැත්තක් දක්වන බවයි.
එමෙන්ම ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන Claire Moore කියා සිටියේ තමන් ලාංකික ක්‍රමයට පිසූ දැල්ලන් සහිත අහාර සඳහා ඇල්මක් දක්වන බවයි.
මෙම භෝජන සංග්‍රහයට එක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා Ebony Hoskin පැවසුවේ, තමන් ශ්‍රී ලාංකික ක්‍රමයට සැකසු කුකුළු මස්, එළවළු සහ රොටි මිශ්‍රණයකින් යුත් Chicken Kottu Roti රස විඳි බවයි.
මේ අතර මින් පෙර කිසිදු දිනයක ශ්‍රී ලාංකික ආහාර රස විඳ නොතිබූ කඩුලු රකින ක්‍රීඩිකාවක වන Tahila Wilson මෙම අහර වේල පිරිනැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා චමරි අතපත්තු හට සිය කෘතඥතාව පළ කළාය.
Sydney Thunder ක්‍රීඩිකාවන්ට චමරි අතපත්තු සංවිධානය කල භෝජන සංග්‍රහයේ වීඩියෝව පහතින්
Chamari Athapaththu, organized a team outing to a Sri Lankan restaurant