ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රුපියල් කෝටියක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසමට කොටු වූ රනිල් වික්‍රමසිංහ මධ්‍යම පරිසර අධිකාරියට පත්කල එහි සභාපති 13 තෙක් රිමාන්ඩ්..!

රුපියල් කෝටියක අල්ලසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහ විසින් පත්කල මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීමට ව්‍යාපාරිකයෙකුගෙන්  රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා සිටි සභාපතිවරයා ඇතුළු  මෙම නිලධාරීන් තිදෙනා  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (10) සවස එම අල්ලස ලබා ගන්නා අවස්ථාවේ දී  අත්අඩංගුවට ගෙන තිබිණි.

මධ්‍යම පරිසර අධිකාරියේ දැවිතෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සදහා අවසර ලබාදීම සදහා බලපත්‍රයක් නිකුත් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එක්සත් ජාතික පක්ෂයේ සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද ඇතුළත් බව වාර්තා වේ. මෙහි විමර්ශන සිදු කර ඇත්තේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසිනි.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සඳහා සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මෙම අල්ලස ඉල්ලා ඇත්තේ  පරිසර අමාත්‍යාංශ පරිශ්‍රය තුළ දී බව හෙළි වී ඇත

තව කියවන්න – රනිල් වික්‍රමසිංහ මධ්‍යම පරිසර අධිකාරියට පත්කල එහි සභාපති ඇතුළු එජාපයේ තිදෙනෙක් කෝටියක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී..!