ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රනිල් වික්‍රමසිංහ මධ්‍යම පරිසර අධිකාරියට පත්කල එහි සභාපති ඇතුළු එජාපයේ තිදෙනෙක් කෝටියක අල්ලසක් ගනිද්දී අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී..!

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තවත් එජාපයේ තිදෙනෙක් අද (10) සවස රුපියල් කෝටියක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ දැවිතෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සදහා අවසර ලබාදීම සදහා බලපත්‍රයක් නිකුත් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එක්සත් ජාතික පක්ෂයේ සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද ඇතුළත් බව වාර්තා වේ. මෙහි විමර්ශන සිදු කර ඇත්තේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසිනි.

පසුගිය කාලය පුරාවට මෙවැනි වංචා දුෂණ හා අල්ලස් ගැනීම් කිහිපයක්ම වාර්තා වු අතර ඒවා පිටුපස වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රාජයේ ඉහල පුටු සදහා පත්වීම් ලැබු එජාපයේ ප්‍රබලයින් රැසක් සිටින බව පෙනී යයි.

2015 දී යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුවද මෙවැනිම ආකාරයේ වංචා දුෂණ රැසක් වාර්තා වු අතර මහ බැංකු බැදුම්කර මංකොල්ලය ඒ අතර කැපී පෙනේ. එම මහ බැංකු බැදුම්කර වංචාවෙන් එජාපයට ලද මුදල් සිරිකොත පක්ෂ මුලස්ථානයට ලැබී තිබු අතර පසුව එම මුදල් එජාපයේ දිස්ත්‍රික් නායකයින් සදහා මහ මැකිවරණ කටයුතු සදහා ලබාදී තිබු බවට තොරතුරු හෙලිදරව් විය.