රනිල්-සාගලගේ තිරිඟු පිටි වංචාවට එරෙහිව අනුර සී.අයි.ඩී යන්න හදයි
ආණ්ඩුවේ ආශිර්වාදයෙන් දිගින් දිගටම සිදුවෙමින් පවතින තිරිඟු පිටි වංචාවට එරෙහිව සටන් කිරීමට ජාතික ජනබල වේගය පියවර ගෙන තිබෙනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.
මෙම වංචාව හේතුවෙන් මසකට රුපියල් බිලියන 2.7 ක ලාභයක් අදාළ සමාගම් විසින් උපයන බවද මන්ත්‍රීවරයා පවසනවා. ආණ්ඩුවේ බදු සහන හරහා හිතවත් සමාගම් අසීමිතව ලාභ ලබමින් ජනතා මුදල් විනාශ කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ලෝක වෙළෙඳපලේ තිරිගු පිටි මිලත් තිරිගු ඇට මිලත් අඩුවී තිබෙන පසුබිමක, තුර්කියෙන් ආනයනය කළ තිරිගු පිටි කිලෝවක් රුපියල් 35ක බද්දක් සහ ලාභයක් ද සහිතව රුපියල් 160ක මිලකට අලෙවි කළ හැකි වටපිටාවක ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් සඳහා රටේ තිරිගු පිටි ඒකාධිකාරියක් ලබා දී රුපියල් 210ක් දක්වා මිලකට පිටි අලෙවි කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයක් සඳහා අරමුදල් එකතුකිරීමේ ව්‍යාපෘතියක් ලෙසින් බවත්, බහුජාතික ප්‍රීමා සමාගම සෑම ජනාධිපතිවරණයක් සඳහාම මෙතෙක් සල්ලි පොම්ප කළ ප්‍රධානම ආයතනය බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මෙම වංචාව සම්බන්දයෙන් හෙලිදරව් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීහ.
තව කියවන්න –