දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට
දකුණු ඉන්දීය සුපිරි නළු රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 122 දරන ගුවන් යානයෙන් අද (ජූලි 14) උදෑසන 11.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එහිදී ඔහු කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබේ.