ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සමූපකාර කටයුතුවලින් රජය ඉවත්වීමට තීරණය කරයි

සමූපකාර වැඩපිළි‍වෙළින් රජය ඉවත් වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

රජයේ මැදිහත් වීම තුළ සමූපකාර ව්‍යාපාරයට බලපෑම් සිදුවන්නේ නම් රජය ඊට මැදිහත්වීමෙන් ඉවත් විය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“අපි දැන් කල්පනා කරගෙන යන්නේ රජය කොහොමද සමූපකාරයෙන් අයින් වෙන්නේ කියලා. සමූපකාර විශාල සංවිධානාත්මක ව්‍යුහයක් තුළ වැඩකටයුතු කරන්න හැකියාව තියෙනවා. රජයක් විදිහට සමූපාකාර ව්‍යාපාරයට මැදිගත් වීම තුළන් ඒ සමූපකාර ව්‍යාපාරයට බලපෑමක් සිදුවෙනවානම් රජයක්, ආණ්ඩුවක් ඒ තුළ සිටීමෙන් තේරුමක් නැහැ කියන එක අපි සියලුදෙනා පිළිගන්නවා. අපිට කොයි විදිහේ මැදිහත්වීමක්ද අවශ්‍ය කරන එකත්, ඒ මැදිහත්වීම කොයි ආකාරයෙන් සිදුවෙන්න අවශ්‍යද කියන එකත් සමූපාකාර ව්‍යාපාර තුළින්ම යෝජනා කරලා ඒ යෝජනාවල් එක්ක යනවානම් තමයි අපි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන එක මට තේරෙන විදිහට තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අගමැතිවරයාත් මමත් කල්පනා කළේ අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තීන්දු ගන්නවා.”